Latestවිදේශීය

ඊශ්‍රායෙල් මිසයිල් ප්‍රහාරයකින් 45 දෙනෙක් මියයයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් එම පාසලේ රැඳී සිටි පලස්තීන සරණාගතයන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල යුද ගුවන් යානයකින් මිසයිල දෙකක් එම පාසලේ ඉහළ මාලයේ පිහිටි පන්ති කාමරවලට එල්ල වූ බවට ගාසා තීරයේ මාධ්‍යවේදීන් ප්‍රකාශ කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාසලකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර ඇත්තේ හමාස් සංවිධානයේ සාමාජිකයන් සිටින බවට ලද තොරතුරු මත ප්‍රහාරය සිදු කළ බවය. එම ප්‍රහාරයෙන් හමාස් සාමාජිකයන් 20-30 අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *