Latestවිදේශීය

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි

(ඒ.එෆ්.පී.)

මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. 

ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත්වෙනු ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම් දීමෙන් පසුවය.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ජයග්‍රහණය කළ වැඩි දෙනා අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය. මැතිවරණයෙන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් පරාජයට පත් වූහ.

එම මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමටත්, කඩිනමින් මැතිවරණයකට යෑමටත් තමන් තීරණය කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැහැදිලි කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *