Latestක්‍රීඩාදේශීය

බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්ථා 4ක්

(ඇලහැර සරත් වෙලගෙදර)

හතළිස්අට වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ බර ඉසිලීමේ තරගවලදී නව ශ්‍රී ලංකා වාර්තා 4ක් බිහි කිරීමට වයඹ පළාතේ එච්.එම්.එස්.එම්. දිසානායක සහ දකුණු පළාතේ බී. චතුරිකා ප්‍රියන්ති සමත් වූහ.

පිරිමි කිලෝග්‍රෑම් 91 බර පන්තිය යටතේ තරග වැදුණු එච්.එම්.එස්.එම්. දිසානායක එම බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තාවන් තුනක් බිහි කිරීමට සමත් විය.

පිරිමි කිලෝග්‍රෑම් 91 බර පන්තියේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 133ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 166ක් හා මුළු බර කිලෝග්‍රෑම් 299ක් ඔසවමින් එම බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් බිහි කිරීමට සමත් විය. එහිදී ඔහු විසින් 2023 වර්ෂයේ ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 132ක් ඔසවමින් තබා තිබූ වාර්තාව බිඳ හෙළීය.

එමෙන්ම 2019 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උලෙළේදී මධ්‍යම පළාතේ එස්.එම්. පීටර්ස් විසින් කීලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 165ක් ඔසවමින් එහි පැරණි වාර්තාවත්, ඔහු විසින්ම කිලෝග්‍රෑම් 296ක් එහි මුළු බර එසවීමේ පැරණි වාර්තාවත් පිහිටුවා තිබිණි.

පිරිමි කිලෝග්‍රෑම් 91 බර පන්තියේ රිදී පදක්කම උතුරුමැද පළාතේ එල්.කේ.සී.එම්. කරුණාරත්න ද, ලෝකඩ පදක්කම උතුරුමැද පළාතේ එස්.ඩී.අයි.යූ. සේනාධීර විසින් ද දිනා ගනු ලැබූහ.

කාන්තා කිලෝග්‍රෑම් 87 බර පන්තිය යටතේ පැවැති තරගයේදී දකුණු පළාතේ බී. චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 114ක් ඔසවා ඇය විසින් මීට පෙර කිලෝග්‍රෑම් 113ක් ඔසවමින් තිබූ වාර්තාව බිඳ දමමිනි. එහිදී චතුරිකා ප්‍රියන්ති ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 84ක්, කිලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ 114ක් හා මුළු බර වශයෙන් කිලෝග්‍රෑම් 198ක් ඔසවනු ලැබුවාය. මෙහි රිදී පදක්කම උතුරුමැද පළාතේ එස්.එම්.එන්.පී. අත්‍තායක විසින් ද, ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එච්.එන්.කේ. ෆනෑන්ඩෝ විසින් ද දිනා ගත්හ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *