Latestවිදේශීය

චීනයේ හරිත විදුලි උත්පාදනය විප්ලවීය පියවරක්

කාන්තාර ප්‍රදේශවල විදුලි උත්පාදනය හා පරිසර සංරක්ෂණය පිළිබඳ සමගාමී ව්‍යෘපෘතිවලින් චීනය පුළුල් ප්‍රගතියක් අත්කර ගනී.

වයඹදිග චීනයේ තක්ලිමකන් කාන්තාරය හරහා දිවෙන කි.මී. 522 ක් දිග ‘තාරිම් තෙල් බිම් මහා මාර්ගය’ දෙපස ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර 86 ක් ඉදි කර ඇත. එහි සමස්ත ධාරිතාව කිලෝවොට් 3540 ක් වන අතර වාර්ෂික විදුලි උත්පාදනය කිලෝවොට් පැය 36 ලක්ෂ 20 දහසකි. මෙම මහා මාර්ගය අවට හෙක්ටයාර 3100 ක පමණ වපසරියකින් යුතු ජෛව සංරක්ෂණ වනාන්තරයක් ද පවතී. එම වනයට ජලය පොම්ප කිරීම සඳහා ඩීසල් වෙනුවට ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරවල උත්පාදනය කෙරෙන විදුලිය භාවිත කෙරේ.

මේ වන විට ‘තාරිම් තෙල් බිම් මහා මාර්ග’ ව්‍යාපෘතිය යටතේ හරිත විදුලි උත්පාදනය කිලෝවොට් පැය මිලියන 5 ඉක්මවා ගොස් තිබීම ද කැපීපෙනේ. එම ව්‍යාපෘතිය මගින් වාර්ෂික ව ඩීසල් පරිභෝජනය ටොන් 1000 කින් සහ කාබන්ඩ‍යොක්සයිඩ් විමෝචනය ටොන් 3410 කින් අඩු කළ හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *