Latestදේශීය

විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම අද සිට

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම අද (14) ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. ඊයේ (13) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන්  කළේය.

මෙහිදී අදහස් දැක් වූ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, අයදුම්කරුවන්ට සති තුනක පමණ කාලයක් මේ සඳහා ලබා දී ඇති බවත්  වඩාත් කල්පනාකාරීව තම අයදුම්පත යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

අයදුම්පත ඉදිරිපත් කිරීමේදී යම්කිසි වරදක්  සිදු වුවහොත්  ඇතැම්විට තමන් බලාපොරොත්තු වන විශ්ව විද්‍යාලය  හෝ බලාපොරොත්තු වන පාඨමාලා පවා නොලැබී යෑමට හැකියාවක්  ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව තමන් පිරවූ අයදුම්පතේ විශ්ව විද්‍යාල අනුපිළිවෙල සහ තමන්ගේ උපාධි පාඨමාලාවන්ගේ අනුපිළිවෙළෙහි  යම්කිසි වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් සති දෙකක කාල සීමාව තුළ දරුවන්ට  එක් අවස්ථාවක ලබා දී ඇතැයි ඒ මහතා පැවසීය. ඒ අනුව තමන්ගේ අයදුම් පතට නැවත යොමු  වී වෙනස්කම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඒ සඳහා සති දෙකක අමතර කාලයක් ලබා දී ඇතැයිද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ,

 යම්කිසි දරුවෙකුට  අන්තර්ජාල පහසුකම්  හෝ පරිගණක පහසුකම් නොමැති නම්  ඒ සඳහාද විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොතේ මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා. විවිධ දිස්ත්‍රික්කවල මධ්‍යස්ථාන ගණනාවක්  සූදානම් කර තිබෙනවා. දරුවන්ට එවැනි මධ්‍යස්ථානයකට යෑමෙන් නොමිලේ තමන්ගේ අයදුම්පත පරිගණකය ඔස්සේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කළ හැකියි එහිදී කිසිදු ගෙවීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ .

අන්තර්ජාලය  මගින් සම්පූර්ණ කල අයදුම් පත මුද්‍රණයක් ලබාගෙන එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තැපැල් මගින් එවන මෙන්ද දරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා .විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අයදුම්කරුවන්ට සාමාන්‍ය පරිදි අයදුම් කළ හැකි අතර විශේෂ ප්‍රවේශ සඳහා දරුවන්ට අයදුම් කළ හැකියි. විශේෂ ප්‍රවේශ යටතේ අයදුම් කිරීමේ අයදුම් පත සාමාන්‍ය ප්‍රවේශය යටතේ අයදුම් කරන ආකාරයටම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යොමු කළ හැකියි . අයදුම්පත් යොමු කිරීමේදී දරුවන්ට යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් පැය 24 පුරාම 1919 දුරකථන අංකයට ආමන්ත්‍රණය කර තමන්ගේ ගැටලුව විසඳගන්න පුළුවන් .යම්කිසි දරුවෙකුට එහිදී සෑහීමකට පත්වීමට නොහැකි නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානයට ඇමතා තොරතුරු ලබා ගතහැකියි.  0112695301/ 0112695302 අංක වලට තමන්ගේ ගැටලු යොමු කිරීමෙන් එහිදී තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගන්න පුළුවන් .

 තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙයක් වන සරසවි ප්‍රවේශයේදී කිසිදු වරදකින් තොරව මේ අයදුම්පත් යොමු කිරීමට ඒ අනුව දරුවන්ට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම youtube හරහා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන් භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පට තුනක් රැගෙන විත් තිබෙනවා. ඔබගේ ශිෂ්‍ය අත්පොත ඒ යූටියුබ් මගින් භාෂාත්‍රීත්වයෙන්ම පැහැදිලි කිරීමක් කරනවා. ඔබට තවත් පහසු කිරීමක් සඳහා ඔබගේ අයදුම්පත ඉතා පහසුවෙන් තේරුම් ගන්න කියවීමට අමතරව ඒ වීඩියෝ පට නැරඹීමෙන් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. තොරතුරු මධ්‍යස්ථාන වලට යාමට පෙර, ඔබට යම්කිසි ගැටළුවක් ඇත්නම් මේ වීඩියෝ පට නරඹන්න කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා .

ඇත්ත වශයෙන්ම කොවිඩ් වසංගතය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් දරුවෝ අද ඉගෙන ගන්නේ අන්තර්ජාලය ඔස්සේ මේ දැවැන්ත වැඩ වර්ජනයක් තියෙන අවස්ථාවකදී වුවත් දවරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශ්ව විද්‍යාල පද්ධතිය හැකි උපරිමයෙන් කරගෙන යනවා ඊට අමතරව මේ පොත මුද්‍රණය කරලා තමන්ගෙම ගේ ගාව පොත් කඩේට දෙන්න බැරි වුණාට ගෙදර ඇතුළෙ ඉඳගෙනම බාගත කරගන්න පුළුවන් විදිහට දරුවන්ට ඒ පහසුකම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබාදී තිබෙනවා අයදුම්පත යොමු කිරීමත් ප්‍රශ්න රාශියක් මධ්‍යයේ දරුවන්ට ඒ ප්‍රශ්න විස විතැන් කරන්නැතුව මේ තිබෙන වැඩ වර්ජන වාතාවරණයක් එක්කම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉන් පිටත ආයතන සමග අත්වැල් බැඳගෙන මේ කටයුතු සිදු කරනවා. ශ්‍රම සම්පතේ දැවැන්ත හිඟයක් තිබුණත් .දරුවන්ට ලොකු පහසුවක් තමයි මේ තත්ත්වයෙන් ඇතිවෙලා තිබෙන්නේ. අපේ පරම්පරාවට වඩා දරුවෝ මේ තාක්ෂණයට මුසු වෙලා ඉවරයි. දරුවො ඉගෙන ගන්නෙත් පරිගණකය ඔස්සේ තාක්ෂණය ඔස්සේ දරුවන්ට තිබෙන හැකියාවන් කොතරම්ද කිව්වොත් දුරකථනය ඔස්සේ පවා ඔවුන් දේශනවලට සහභාගි වෙනවා. මේ තමන්ගේ දුරකථනයෙන් වුණත් යොමු කරන්න පුළුවන් අයදුම් පතක් බවට මේක පත්වෙලා තිබෙනවා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *