ජුලියන් අසාන්ජ් නිදහස්
රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වෙබ් අඩවියක් වන විකිලීක්ස්හි නිර්මාර්තෘ ජූලියන් අසාන්ජ්ව වසර ගණනාවකට පසුව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විකිලීස් වෙඩ්අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විකිලීක්ස් වෙබ්අඩවි නිර්මාතෘ ජුලියන් ආසන්ජ්ට එරෙහිව චෝදනා 18ක් ගොනුකර තිබිණි.
ඔහුව 2019 වසරේ අප්‍රේල් 11 වැනි දින අත්අඩංගුවට ගෙන ලන්ඩනයේ අධිආරක්ෂිත බන්ධනාගාරයක් වන බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා තිබිණි.
අමෙරිකාව සමග ඇති කරගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මත ජුලියන් අසාන්ජ්ට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිදහස හිමිව ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

