Latestවිදේශීය

ජාත්‍යන්තර කෘතිම බුද්ධි තාක්ෂණ සමුළුව චීනයේ

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව මේ වනවිට ආරම්භ වී තිබ්.

එය පසුගිය 04 වනදා චීනයේ ශැංහයි නුවර දී ආරම්භ වූ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සංවර්ධනය උදෙසා විවිධ රටවලට සංවාද පැවැත්වීම සඳහා අවස්ථා උදා කර දීම අත්‍යවශ්‍ය බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඊට සහභාගි වෙමින් ‍අවධාරණය කර ඇත.

එම සහයෝගිතා ඔස්සේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පහසුකම් පුළුල් කොට ගෝලීය සංවර්ධනය හා ජනතා සුබසෙත සහතික කිරීමට චීනය සූදානම් බවද ඔහු අවධාරණය කර තිබේ.

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණ සභාපති Luis Roberto Barroso සහ නව සංවර්ධන බැංකු අධිපතිනි Dilma Rousseff ඇතුළු 1,000ක පමණ සම්භාවනීය පිරිසක් සමුළුවේ සමාරම්භක උළෙලට එක්ව සිටි ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *