ටයිටැනික් නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මියයයි
ජාත්‍යන්තර සිනමාවේ ආදායම් වාර්තා රැසක් බිඳ දමා ඔස්කර් සම්මානයට පාත්‍ර වූ ටයිටැනික් සහ අවටාර් වැනි විශිෂ්ටතම චිත්‍රපට බිහි කළ නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මෙලොවින් සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට 63 හැවිරිදි වියෙහි පසු වූ ජෝන් ලැන්ඩෝ වසරකට අධික කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඔහු සුප්‍රකට සිනමාකරු ජේම්ස් කැමරොන්ගේ දිගුකාලීන සිනමා සගයා ලෙස සැලකෙන අතර, ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර ඇති කැමරොන් සඳහන් කර ඇත්තේ විශිෂ්ට නිෂ්පාදකයකු මෙන්ම විශිෂ්ට මනුෂ්‍යයකු අහිමි වූ බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

