Latestවිදේශීය

යුරෝපා සංගමයේ සභාපති ධූරය හංගේරියාවට

මාස 6කට වරක් හුවමාරු වන යුරෝපා සංගමයේ සභාපති ධුරය මේ වසරේ දෙවැනි කාර්තුවේදී හංගේරියාවට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ මස 1 වැනිදා සිට ලබන දෙසැම්බර් මස 31 දක්වා මාස 6ක කාල සීමාවකට හංගේරියාවේ අගමැති වික්ටර් හෝබන් විසින් යුරෝපා සංගමයේ සභාපති ධුරයට පත්වීම මෑත කාලයේ යුරෝපීය වෙළෙඳපොළේ පසුබෑමකට ලක්වූ චීනයට වාසිදායක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය මාසයේදී හංගේරියානු විදේශ ඇමැතිවරයාගේ චීන සංචාරය අතරතුර යුරෝපීය වෙළෙඳපොළට නැවත සාර්ථකව පිවිසීමට අවශ්‍ය පසුබිම පිළිබඳ චීන විදේශ ඇමැති වැංග් යී විසින් සාකච්ඡා කළ බවත්, වඩාත් ක්‍රියාශීලී සහ ප්‍රායෝගික ලෙස යුරෝපීය වෙළෙඳපොළේ සිය ආධිපත්‍යය පතුරුවාලීමට එම සාකච්ඡාව වැදගත් වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

දීර්ඝ කාලයක් පුරා චීනය සමඟ දැඩි මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන හංගේරියාව ඉදිරි මාස 6ක කාලය යුරෝපා සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් යුරෝපීය වෙළෙඳපොළේ චීනය සම්බන්ධ මානසිකත්වය වෙනස් කිරීමට හැකිවනු ඇතැයි චීනය විශ්වාසය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *