Latestදේශීය

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනය තවත් තීව්‍ර කරයි

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (10) පස්වරුවේ පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා පැවසීය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව කී ඒ මහතා දුම්රිය ස්ථානාධිපතිවරු 922 ක නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව ද සඳහන් කළේය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *