Latestදේශීය

රුපියල් 1700 ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණයේ

රජය මගින් වතුකම්කරුවන්ට වැඩි කළ රුපියල් 1,700ක දෛනික වැටුප කඩිනමින් ලබා දීමට වතු සමාගම් පියවර ගත යුතු බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු ගණනාවක වතු කම්කරුවෝ උද්ඝෝෂණයක නිරතව සිටිති.

ඊයේ (09) උදැසන එම වතුවල තේ කර්මාන්ත ශාලා ඉදිරිපිටට එක් රැස් වී ඔවුන් මෙලෙස උද්ඝෝෂණයක නිරත වී ඇත.

තේ වතුයායේ දෛනික වැඩ කටයුතුවලට වාර්තා කිරීමට පෙර උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ කියා සිටියේ රජයේ නිලධාරීන්ට සහ සේවකයන්ට රජය මඟින් වැටුප් වැඩි කළත් තමන්ට ලබාදුන් රුපියල් 1,700 දෛනික වැටුප මෙතෙක් නොලැබෙන බවයි. වතු සමාගම් මෙම වැටුප ලබාදීමට විරෝධය පළ කරන බවද වතු කම්කරුවෝ පවසති.

වතු සමාගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගෙන ඇති අතුරු තහනම් නියෝගය ‍ඉවත් කිරීමට ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කර එම වැටුප ලබාදීමට කටයුතු කළ යුතු බවද උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවෝ පවසති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *