Latestවිදේශීය

මැතිවරණ විප්ලවයක් ‌- බලය වාමාංශික ප්‍රවනතාවයට

ලොව පුරා මැතිවරණ පැවැත්වෙන රටවල ප්‍රගතිශීලි සහ වාමාංශික කණ්ඩායම් බලයට පත්වීමේ ප්‍රවණතාව කිසියම් මැතිවරණ විප්ලවීය අදියරක් කරා පැමිණ තිබේ.

ප්‍රංශ ජනාධිපති  එමානුවෙල් මැක්‍රොන් හදිසියේ කැඳවන ලද මහ මැතිවරණයේ පළමු වටයේ දී අන්ත දක්ෂිණාංශික “ජාතික රැලිය“ නම් පක්ෂය 33%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර නව වාමාංශික පක්ෂ එකමුතුව 28%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබිණි. එම පළමු වටයේ දී කිසිදු පක්ෂයකට සරල බහුතරයක් හෝ ලබා ගත නොහැකි වීම නිසා දෙවන වටයකට යාමට සිදු විය.

එම දෙවන වටයේ දී නව වාමාංශික පක්ෂ එකමුතුව ජය ලබා ගත් අතර එය මැතිවරණ විප්ලවයක් ලෙස විදේශ මාධ්‍ය විසින් හඳුන්වා දී තිබේ. එම පක්ෂ එකමුතුව මන්ත්‍රී ධුර 182ක් ලබා ගත් අතර පළමු වටයේ ඡන්ද ප්‍රතිශතයෙන් ඉදිරියෙන් සිටි “ජාතික රැලිය“ පක්ෂය මන්ත්‍රී ධුර 143ක් ලබා ගනිමින් තුන්වෙනි තැනට ඇද වැටී තිබේ. ජනාධිපති  එමානුවෙල් මැක්‍රොන් නියෝජනය කරන මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය මන්ත්‍රී ධුර 168ක් ලබා ගෙන ඇත.

මෙයට අමතරව ඉරානයේ පැවති නව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී ප්‍රතිසංස්කරණවාදී මධ්‍යස්ථ මතධාරී පෙසෙෂ්කියන් 53.7%ක විශිෂ්ට ජයග්‍රහණයක් දෙවන වටයේ දී ලබා ගෙන තිබේ. පළමු වටයේ දී ඔහුට ලබා ගත හැකි වී තිබුණේ 48%ක ඡන්ද ප්‍රතිශතයකි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *