Latestදේශීය

වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් හෙළිවෙයි

අතුරුගිරියේ ටැටූ ආයතනයකදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන තිබේ.

පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ කැමරා රූප රාමු පරීක්ෂා කර බැලීමෙන් හා පරීක්‍ෂණවලදී හෙළි වූ කරුණු මත සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකිවී ඇති බවයි.

ඒ අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත.

අපරාධයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු 09 වන දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා කොට්ටාව, අතුරුගිරිය පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 27, 28, 31 හා 37 වයස්වල පසුවන අහුංගල්ල, බලපිටිය, ගණේමුල්ල, අම්බලන්ගොඩ හා බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, වෙඩි තැබීම සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, වෙඩි තැබීමට යොදා ගත් කාර් රථය අම්බලන්ගෙඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනෙකු, එම කාර් රථය අපරාධය සිදුකිරීමට පෙර නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධයෙන් පසු සැකකරුවන් පැන යාමට භාවිතා කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරුවෙකු වේ.

අපරාධය සිදුකිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදූ කාර් රථය, වෑන් රථය සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දුරකථනය විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත මෙම සැකකරුවන් ඉහත අපරාධයට ආධාර අනුබල දී ඇති බව දැනට සිදුකළ විර්මශනවලදී නිරීක්ෂණය වී ඇත.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *