Latestදේශීයවිදේශීය

අම්බානිගේ විවාහයට නාමල් සහ මහේලට ආරාධනා

(විමුක්ති එස් රුද්‍රිගු)

දින තුනක් පුරාවට පැවැත්වෙන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වූවේය.

මාස හතක් පුරා පැවැති අති උත්කර්ෂවත් පූර්ව විවාහ සැමරුමකින් පසුව ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් 29 හැවිරිදි ආනන්ට් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් විවාහ දිවියට එළඹීම සඳහා ඊයේ (12) චාරිත්‍ර ආරම්භ කළේය. මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.

විවාහ උත්සවය සඳහා සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) මනාල ජෝඩුව වැය කර තිබිණි. එය ඔස්කාර් සම්මාන උළෙලවල් 10 පැවැත්වීමට ප්‍රමාණවත් බවද මත පළවිය.

විවාහ උත්සවය සඳහා සහභාගී වීමට ලෝකයේ සිටින ප්‍රසිද්ධම නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසකට අම්බානි පවුල ආරාධනා කර තිබිණි. එලෙස ආරාධනා ලැබූ පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද විය.

ආනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහය උත්සවය සඳහා ඊයේ(12) දින පැමිණ සිටි ආරධිත අමුත්තන් අතර සුපිරි හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනාට, ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ ඉවන්කා ට්‍රම්ප්ට , කිම් සහ ක්ලෝයි කාර්ඩෑෂියන්ට සහ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පැමිණ සිටි අයගේ විශේෂ අවධානයක් යොමුවී තිබිණි.

තෙදින විවාහ උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබ සිටින දැවැන්තයන් අතර හිලරි ක්ලින්ටන්, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *