Latestදේශීය

තිස්ස රෝහල්ගත කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී අනතුරකට ලක්වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය කියයි

අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා ඇත . මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූවන් අතර  මෝටර් රථයේ රියදුරු සහ මගියෙකු ද වන බවත්  තිදෙනාම නාරහේන්පිට  ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත් පොලීසිය කියයි.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *