Latestක්‍රීඩාදේශීය

මීටර 10000 වාර්තාව වසර 29කට පසු රසාරා අළුත් කරයි

(නිරෝ­ෂාන් ප්‍රියංකර)

කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ ආරම්භ වූ හත­ළිස් අට වැනි ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලියේ පළමු දිනයේ දී නව තර­ගා­වලි වාර්තා 3ක් බිහි කිරී­මට ක්‍රීඩි­කාවෝ සමත් වූහ.

එහිදී මීටර් 10,000 ඉස­ව්වේදී නැඟෙ­න­හිර පළාතේ ඩබ්.ඒ.එම්. රසාරා විජේ­සූ­රිය වසර 29ක් පැරණි වාර්තා­වක් අලුත් කිරීම කැපී පෙනුණු අතර, සෙසු නව තරග වාර්තා දෙක කාන්තා රිටි පැනීම හා කාන්තා කව­පෙත්ත විසි­කි­රී­මේදී එම ක්‍රීඩි­කා­වන් විසින්ම අලුත් කිරීමට සමත් වූහ.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් පැවති මීටර් 10,000 කාන්තා තර­ගය මිනිත්තු 34:35.92කින් නිමා කර­මින් රන් පද­ක්කම දිනා­ගත් රසාරා මේ ඉසව්වේ ඇයගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව ද සට­හන් කළාය. එහිදී ඇය මකා දැමුවේ 1995 වසරේ සබ­ර­ග­මුවේ පී.එස්.පී.එස්.එස්. ජය­සේන මිනිත්තු 35:03.0 කින් පිහි­ටුවා තිබූ වාර්තා­වය. එම ඉසව්වේ රිදී පද­ක්කම මධ්‍යම පළාතේ එම්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්. හේරත් (මි. 36:09.82) දිනා­ගත් අතර, ලෝකඩ පද­ක්කම සබ­ර­ග­මුවේ ඒ.එන්.එල්. ආරි­ය­දා­සට (මි. 36:38.76) හිමි වූවාය.

කාන්තා රිටි පැනීමේ ඉස­ව්වේදී පසු­ගිය වසරේ පිහි­ටුවූ (මීටර් 3.50) තම වාර්තාව අලුත් කර­මින් රන් පද­ක්කම දිනා ගැනී­මට උතුරු පළාතේ එන්. දක්ෂිතා සමත් වූයේ ඊයේ මීටර් 3.51ක උසක් වාර්තා කර­මිනි. පිළි­වෙ­ළින් එහි රිදී සහ ලෝකඩ පද­ක්කම් වී.ටී. වික්‍ර­ම­සේ­කර (බස්නා­හිර මී. 3.40) සහ එස්. නිරු­සිකා (උතුර මී. 3.30) දිනා ගත්හ.

කාන්තා කව­පෙත්ත විසි­කි­රීම ඉස­ව්වේදී උතුරු මැද පළාතේ ඒ.ජී.වී.වී. ලක්මාල් මීටර් 45.50 දුර­කින් නව තරග වාර්තාව පිහි­ටුවූ අතර, එහිදී ද ඇය විසින්ම පසු­ගිය වසරේ මීටර් 44.59කින් තබා තිබූ වාර්තාව මැකී ගියාය. බස්නා­හිර පී.ඒ.අයි. මදු­රංගි (මී. 40.29) සහ සබ­ර­ග­මුවේ එච්.ඒ.එම්. දිල්රුක්ෂි (මී. 39.71) රිදී සහ ලෝකඩ පද­ක්කම් දිනා ගත්හ.

මේ අතර තවත් දින කිහි­ප­ය­කින් ප්‍රංශ­යේදී ආරම්භ වන ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා සිටින දිල්හානි ලේකම්ගේ ඊයේ කාන්තා හෙල්ල විසි­කි­රීමේ ඉස­ව්වට එක්වූ අතර, එහිදී ඇය මීටර් 51.69කින් රන් පද­ක්කම දිනා ගත්තාය.

ක්‍රීඩා හා යෞවන කට­යුතු අමා­ත්‍යාං­ශය සහ ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව සංවි­ධාන කරන තර­ගා­ව­ලියේ දෙවැනි දිනය වන අද (18) කාන්තා මීටර් 800 ඉස­ව්වෙන් තරග ආරම්භ වන අතර, පිරිමි මීටර් 800, පිරිමි රිටි පැනීම, හෙල්ල විසි­කි­රීම, දුර පැනීම හා මිටිය විසි­කි­රීම සමඟ මීටර් 200 කාන්තා හා පිරිමි, යගු­ළිය දැමීම කාන්තා අව­සන් තරග පෙර­ව­රු­වේදී පැවැත්වේ.

පස්ව­රු­වේදී කව­පෙත්ත විසි­කි­රීම පිරිමි, දුර පැනීම කාන්තා, උස පැනීම පිරිමි, මීටර් 400 කඩුලු කාන්තා සහ පිරිමි සමඟ මීටර් 400 සහාය කාන්තා සහ පිරිමි අව­සන් තරග පැවැ­ත්වී­මට නිය­මි­තය.

පළමු දිනයේ අව­සන් තරග ප්‍රති­ඵල  

මීටර් 10,000 (කාන්තා) – 1.ඩබ්.ඒ.එම්. රසාරා විජේ­සූ­රිය (නැඟෙ­න­හිර මි. 34:35.92), 2. එම්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්. හේරත් (මධ්‍යම 36:09.82), 3. ඒ.එන්.එල්. ආරි­ය­දාස (සබ­ර­ග­මුව මි. 36:38.76)

රිටි පැනීම (කාන්තා) – 1. එන්. දක්ෂිතා (උතුර මී. 3.51), 2.වී.ටී. වික්‍ර­ම­සේ­කර (බස්නා­හිර මී. 3.40), 3. එස්. නිරු­සිකා (උතුර මී. 3.30)

මීටර් 5000 (පිරිමි) – 1. වී. වක්ෂන් (මධ්‍යම මි. 14:42.04), 2. හේමන්ත කුමාර (බස්නා­හිර මි. 14:49.52), 3.පී.ඒ.ඩී. මදු­රංග (සබ­ර­ග­මුව මි. 14:50.51)

හෙල්ල විසි­කි­රීම (කාන්තා) – 1. එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ (සබ­ර­ග­මුව මී. 51.69), 2. එච්.පී.ඩී.එච්. මධු­වන්ති (ඌව මී. 49.98), 3. ඩී.එම්.අයි. හසන්ති (නැඟෙ­න­හිර මී. 47.18)

තුන්පිම්ම (කාන්තා) – එච්.එම්.එන්.එම්. හේරත් (ඌව මී.13.08), 2. ඊ.එම්.එස්. උපේක්ෂා (බස්නා­හිර මී. 12.80), 3. ජී.අයි.එස්. ලංකා­ති­ලක (වයඹ මී. 12.25)

කව­පෙත්ත විසි­කි­රීම (කාන්තා) – 1. ඒ.ජී.වී.වී. ලක්මාලි (උතුරු මැද මී. 45.50), 2. පී.ඒ.අයි. මදු­රංගි (බස්නා­හිර මී. 40.29), 3. එච්.ඒ.එම්. දිල්රුක්ෂි (සබ­ර­ග­මුව මී. 39.71)

මීටර් 100 සහාය (කාන්තා) – 1. බස්නා­හිර (තත්. 47.30), 2. වයඹ (තත්. 47.67), 3.මධ්‍යම (තත්. 47.73)

මීටර් 100 සහාය (පිරිමි) – 1. දකුණු (තත්. 40.76), 2. බස්නා­හිර (තත්. 40.82), 3. වයඹ (තත්. 41.16)

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *