Latestදේශීය

තියුණු ආයුධවලින් කපා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී  ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් පමණ වන පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.

අද (23) අලුයම 1ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ජාතික දන්ත රෝහල අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුව සිදුකළ විමසීමේ දී හෙළි වුණේ ත්‍රී රෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බවයි.

එම අයිතිකරු සදහන් කර තිබෙන්නේ ඔහුගේ ඥාතියෙකුට එය ලබාදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *