Latestවිදේශීය

ඊශ්‍රායලය ගාසා ආරක්ෂිත කලාපයට නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කරයි

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ නැවතත් ගාසා ‘ආරක්ෂිත කලාපයට’ ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 30 දෙනෙකු මිය ගිය බවට වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව නැඟෙනහිර ඛාන් යූනිස් ප්‍රදේශය වෙත කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර දියත් කර ඇත්තේ, නිවැසියන්ට ඉවත්වීම සඳහා කාලයක් ලබාදීමෙන් පසුවය. මීට පෙර මේ කලාපය මානුෂීය තීරුවක් ලෙස නම් කර තිබුණි.

ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා දැනුම්දීම සිදු කර, පැයකටත් අඩු කාලයකට පසුව මේ පහරදීම සිදු කර ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මේ ප්‍රහාරය තවත් ප්‍රහාර මාලාවක ආරම්භයක් බව සමහර ඊශ්‍රායල් බලධාරීන්ගේ මතය වී තිබේ. දකුණු ගාසා තීරයේ අල්-මාවාසි මානුෂීය කලාපයේ නැඟෙනහිර ඇතුළු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස හමුදාවෝ ඊයේ ජනතාවට නියෝග කර තිබුණි.

මිනිසුන්ට ඉවත් වීමට පවා අවස්ථාවක් නොතබා මෙම ප්‍රහාරය සිදු කළ බවට ගාසා ප්‍රදේශයේ වැසියෝ චෝදනා කරති. “ඊශ්‍රායල් හමුදා ඔවුන්ගේ ඉවත් කිරීමේ නියෝග පත්‍රිකා විසි කිරීමෙන් ටික වේලාවකට, පසු නැඟෙනහිර ඛාන් යුනිස් වෙත ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ෂෙල් ප්‍රහාර ආරම්භ කළා” මේ ප්‍රහාරයෙන් දරුවන් රාශියක් තුවාල ලැබූ බව ද පලස්තීන මාධ්‍යය වාර්තා කර තිබුණි.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *