Latestදේශීය

ආන්ඩුවේ වංචාවට එරෙහිව වතු කම්කරුවන් මහපාරට

(රංජිත් රාජපක්ෂ)

තමන්ට ලබා දෙන බවට පොරොන්දු වු  රු 1700 දෛනික වැටුප තමන්ට ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් (25) දින වැඩ වර්ජනය කරමින් උද්ගෝෂණයක නිරත විය.

හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ වතු  කිහිපයක සේවය කරන වතු කම්කරුවන් පිරිසකුයි මෙසේ වැඩ වර්ජනය කරමින් උද්ගෝෂණයක නිරත වුයේ.

සාම්මලේ නගර මධයේන් වතු කම්කරුවන් උද්ගෝෂණය ආරම්භ කර නොර්වුඩි ගවරවිල වතු යායේ පිහිටි එම වතු සමාගමේ ප්‍රදේශිය කාර්යාලය වෙත පා ගමනින් පැමිණ එම කාර්යාලය ඉදිරිපිය උද්ගෝෂණය සිදු කරනු ලැබුහ.

රු දහසක දෛනික වැටුපක් ලබා තමන්ට ජිවත් විමට නොහැකි බවත්, එම වැටුපෙන් තම දරුවන්ගේ අධ්‍යාපන වියදම් පවා පියවා ගත නොහැකි බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

රු 1700ක දෛනික වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වි එම මුදල ගෙවන ලෙසට රජය විසින් වතු සමාගම් වලට බල කරමින් කම්කරු අමාත්‍යංශය මගින් චක්‍රලේඛනයක් නිකුත් කර ආපසු එම චක්‍ර‍ලේඛනය අවලංගු කර ඇති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

රජය මගින් තමන්ට ලබා දෙන බවට  පොරෙන්දු වු වැටුප ලබා නොදුනහොත් ඉදිරියේදි පැවැත්විමට නියමිත මැතිවරණ වලදි වතු කරයේ ජනතාවගේ බලය රජයට  පෙන්වන බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

රටේ දැනට පවතින ඉහල ජිවන වියදම හමුවේ දැනට ලබා ගන්නා රු දහසේ වැටුපෙන් තමන්ට ජිවත් විමට නොහැකි බවත්, පවත්නා තත්වය මත තම දරු දැරියන්ද දැඩි ලෙස පිඩාවට පත් වි ඇති බවයි.

මෙම උද්ගෝෂණයට සහයොගය දක්වා මස්කෙළිය සාමිමලේ නගරයේ වෙලදසැල්ද පැය කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙලද සංගමය පියවර ගෙන තිබුණි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *