ඔලිම්පික් ආරම්භයට අභියෝග කරමින් ප්‍රංශයේ දුම්රිය මාර්ගයට හානි කරයි
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයට පැය කිහිපයකට පෙර ප්‍රංශ අධිවේගී දුම්රිය මාර්ගවලට යම්කිසි පිරිසක් විසින් අලාභහානි සිදු කර ඇති බවත්, එය දුම්රිය ධාවනය අඩාළ කිරිම ඉලක්ක කරගත් කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවත් ප්‍රංශ රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රධාන දුම්රිය මාර්ගයට අදාළ රැහැන් කපා දමමින් ද, ඇතැම් ස්ථානවලට ගිනි තබමින් ද සංවිධානාත්මක කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ කඩාකප්පල් කිරිමේ උත්සාහයක නිරත වී ඇතැයි ප්‍රංශ ප්‍රවාහන ඇමැතිවරයා නිවේදනය කර තිබේ.
මේ තත්ත්වය හේතුවෙන් සති අන්තයේ දුම්රිය සේවාව භාවිත කරන මගීන් ලක්ෂ අටකට වැඩි පිරිසක් පීඩාවට පත්වූ බව ද වාර්තා වේ.
ඊයේ වන විට එරට ප්‍රධානතම දුම්රිය සමාගමේ සේවකයන් අධිවේගී දුම්රිය මාර්ගයේ විනාශ වූ රැහැන් සහ ස්ථාන පිළිසකර කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා දින කිහිපයක් ගතවනු ඇතැයි ද වාර්තා වේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

