Latestදේශීය

රනිල්ගේ දෙබිඩිකමට ජයම්පතිගෙන් හැන්සාඩ් ප්‍රහාරයක්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී එය කෙටුම්පත් කළ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ අතින් වරදක් සිදුවී ඇති බවත් තමන් ඒ පිළිබඳ සමාව භජනය කරන බවත් පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා නැවත ප්‍රතිචාර දක්වයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරමින් කටයුතු කළ බවය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ ආණ්ඩුක්‍රම සංශෝධනයෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කිරීමත් සමඟ එම වගන්ති ඉවත් කිරීමට පියවර ගත් රනිල් වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙහි ජනමත විචාරණයකින් සම්මත විය යුතු වගන්ති කිසිවක් නොමැති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ආකාරය දැක්වෙන හැන්සාඩ් වාර්තාවක්ද ඔහු පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවේ එලෙස කටයුතු කරමින් මේ වන විට වෙනස් ප්‍රකාශයක් සිදු කරමින් කටයුතු කරන්නේ කුමක් නිසාදැයි තමන් නොතේරෙන බවද ජයපති වික්‍රමරත්න මහතා එම සාකච්ඡාවේදී සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *