Latestවිදේශීය

හමාස් ප්‍රධානියා ඝාතනය කරයි

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා ව ඝාතනය කර තිබේ. ඒ, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ ප්‍රධානතම ආරක්ෂක හමුදා ඒකකය වන ස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකින් හමාස් නායකයාගේ මරණය සනාථ කොට තිබේ.

ස්මයිල් හනියා ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණ ඇත්තේ, ඉරාන නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

හමාස් ප්‍රධානියා රැඳී සිටි ස්ථානයට එකවර එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයෙකු එම ස්ථානයේදීම මියගිය බව ඉරාන ආරක්ෂක අංශය පවසයි.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල මොසාඩ් ඔත්තු සේවයේ ක්‍රියාවක් බවට ඉරාන රජය චෝදනා කරයි. එහෙත්, ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැත.

62 හැවිරිදි හනියා 2007 වසරේ සිට ගාසා තීරය පාලනය කරන හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානියා විය. ඔහු කටාර් හි ජීවත් විය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *