Latestවිදේශීය

එංගලන්තයේ හදිසි තත්ත්වයක් – දේවස්ථානයකට ගිනි තබයි

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී 17 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු පසුගියදා යෝගා හා නර්තන ඇකඩමියකට කඩා පැන පිහි ඇනුමකින් දරුවන් තිදෙනකු ඝාතනය කර තවත් දරුවන් අටදෙනකුට බරපතළ තුවාල සිදු කිරීමෙන් කෝපයට පත් නගර වැසියන් ඉස්ලාම් දේවස්ථානයකට ගල් ගසා විනාශ කර ඇතැයි ද පොදු දේපළවලට ගිනි තබමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 39 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට සවුත්පෝර්ට් ප්‍රදේශයට 24 පැය පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අතර, කිසිදු පුද්ගලයකුට නිවෙසින් බැහැර යෑම තහනම් කර ඇතැයි ද වාර්තා වේ.

පිහි ඇනුම් ප්‍රහාරයෙන් දින දෙකකට පසු නගරවාසීන් පිරිසක් එම ප්‍රදේශයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට සහ එහි රථගාලේ නවතා තිබූ මෝටර් රථවලට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර, අනතුරුව එය මැඬ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන්ට ද පහර දී ඇතැයි වාර්තා වේ. අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු එම පිරිස පොලිස් වෑන් රථයකට ද ගිනි තබා පොලිස් සුනඛයන්ට ද පහර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *