Latestදේශීය

සජිත් හදිසි සාකච්ඡාවක් කැඳවයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී සිටින පක්ෂ නායකයින් හදිසියේ ම කැඳවා රහස් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.

මේ වනවිට හෙළි වී ඇති තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂය මුළුමනින් ම ගිල ගැනීමෙන් පසුව මෙම හදිසි කැඳවීම සිදු කර තිබේ. මෙයට පෙර සැලසුම් කර තිබී ඇත්තේ අගෝස්තු 08 වෙනි දින සමගි ජන සන්ධානය නමින් වෙනත් පක්ෂ සමඟ ගිවිසුම් අත්සන් කර නව දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට ය.

එසේ තිබියදී හදිසියේ ඇති වී තිබෙන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහුට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇති පක්ෂ නායකයින්ගෙන් සහ විශේෂයෙන් මන්ත්‍රීවරුන්ගෙන් වෙන වෙනම සාකච්ඡා කර තහවුරුවක් ලබා ගැනීමට එලෙස හදිසි කැඳවීම සැලසුම් කර ඇතැයි වාර්තා වේ. එය බොහෝ දුරට සෙනසුරාදා හෝ ඉරිදා රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *