Latestවිදේශීය

හමාස් හමුදා නායක ඩේයිෆ් ඝාතනය කරයි

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ව ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කරයි.

පසුගිය 13 වනදා ගාසා තීරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ඝාතනය වී තිබූ අතර ගාසා තීරය ඛාන් යුනිස් ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ ඔහු සිටින විට ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියේගේ අවසන් කටයුතු සදහා ද දහස් ගණනක් ජනතාව මේවන විට ඉරානයට රැස්වෙමින් සිටින බව වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *