Latestදේශීය

දුම්රිය ආසන වෙන්කර ගැනීම පරණ වෙලාවටම

(යොහාන් භාසුර)

දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාර්ගගත දුම්රිය ආසන වෙන්කිරීමේ දෛනික ආරම්භක වේලාව රාත්‍රී 7.00 ලෙස පැවතුණු අතර එය අද සිට පෙරවරු 10.00 ට ආරම්භ කිරිමට තීරණය කර තිබුණි. එම පද්ධතියේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට තීරණය කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *