GossipsLatest

නොකියා යන්න එපා දේවී

මේ දවස්වල දේශපාලනයේ හරි අපූරු දේවල් සිද්ධ වෙනවා. වෙන්නේ නැහැයි කියපු ගොඩාක් දේවල් වෙනවා. කරන්නේ නැහැයි කියපු ගොඩාක් දේවල් කරනවා. කොටින්ම රනිල්ව හිරේ දානකම් නින්ද යන්නේ නැහැ කියපු පොහොට්ටුවේ සෙට්එකක්ම රනිල් ලගට ගිහින් ආසාවෙන් හිරවෙලා ගුලිවෙලා නිදාගන්න පටන් අරගෙන.

රාජපක්ෂවරුන්ගේ සුවච කීකරු හිතෛෂිවන්තයා වුණු බොරලුගොඩ සිංහයාගේ පරපුරරේ ගුණවර්ධන උන්නැහේ  අගමැති පට්ටම ගත්ත දවසේ ඉදං ටික ටික රනිල්ටම හේත්තු වෙලා ඔන්න දැන් රාජපක්ෂලාට සදහටම ආයුබෝවන් කියලා රනිල්ට කියන්න පටන් අරගෙන සදහටම ඔබ මගේ කියලා.

මෙකී නොකී පොහොට්ටු බහුතරය රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න දත කට මැදගෙන පෝලිම් ගැහෙනකොට රත්නපුරේ රාජපක්ෂලාගේ විශ්වාසවන්තම දේවියත් ගැස්සිලා කියන්නේ. පවිත්‍රත්වය දේශපාලනය සංකල්පගත කරලා කටිනුයි බලයෙනුයි විරාජමානවෙලා හිටපු වන්නිආරච්චිටත් තීරණයක් ගන්න වෙලා කියන්නේ.

පාක්ෂිකයෝ කැදවලා මතය විමසලා ඒ මතයත් අරගෙන කොළඹ ඇවිත් තීරණයක් ගන්න තමයි එයා තීරණය කරලා තියෙන්නේ.

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු.

තව තව දේවල් ගොසිප් විදියට හරි වෙනත් විදියට හරි අපිටත් ලැබේවිනේ.

දැනගත්ත ගමන් කියන්න අවසර………..  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *