Latestදේශීය

ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම තුන් ගුණයකින් ඉහළට

(නිමල කොඩිතුවක්කු)

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම, ඊට හේතුවී ඇතැයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවර’ය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ඇතුලු සෙසු මුද්‍රණ සඳහා රුපියල් මිලියන 800 ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිෂන් සභාවට යොමුකර ඇති බවත් ඔහු පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *