GossipsLatest

බොරළුගොඩ පහුරු ගෑ සිංහයා මම වෙමි

මේක ඉතිං ඩිජිටල් යුගය නිසා වැඩිපුරම අකමැත්තෙන් ඉන්න අයගෙන් උඩින්ම ඉන්නේ ඔය උත්තමයා. මොකද දන්නවාද කාරණය. ඔය උත්තමයා රාජපක්ෂලාට හොදටම කඩේ යන කාලේ ඒ කියන්නේ පහුගිය අවුරුදු විස්සක විතර කාලේ රනිල් උන්නැහේට කියපුවා මයෙ අම්මා…. කියලා වැඩක් නැහැ නේද?

ගිරේ පුප්පගෙන අඩි හප්පගෙන රනිල්ට මොනවාද නොකිව්වේ? කියන්න තියෙන ඔක්කොමත් කියලා ඊටත් එහා දේවලුත් කියලා තමයි මේ උන්නැහේ රාජපක්ෂලාගේ හිත දිනාගත්තේ. කරළියේ රනිල්ට රඹටි හැලෙන්න දීලා තිරෙන් පිටිපස්සේ රාජපක්ෂලාට කිවුවේ මොනවා වෙන්න ඇත්ද? ඔන්න සර් මම අදත් දුන්නා නැගිටගන්න බැරිවෙන්නම රනිලාට…. එහෙම කිවුවා වෙන්නත් බැරි නැහැ නේද?

හරි….  කරළියේ කතා විතරයිනේ අපි ලඟ පටිගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම වීඩියෝ ඕඩියෝ තාක්ෂණයෙන් කාට කාටත් බලාගන්න තැන්පත් කරලා නොවැ තියෙන්නේ. ඒවා ඉතිහාසයෙන් මැකිලා ගිහින් නං වැඩිපුරම සතුටු වෙන්නේ මේ උත්තමයායි. මොකද දැන් දැන් කරන දේවල් කියන දේවල් එදා කියපු කරපු දේවල් එක්ක ගලප්පලා පෙන්නනකොට විලි ලැජ්ජාවක් තියෙනවා නම් මේ උත්තමයාටත් විදුලි සැර වදිනවා වගේ දැනෙන්න පටන් ගන්නවා නොවැ.

අපිට ආරංචි හැටියට අර දියවන්නාවෙන් එහා ගිරේ පුප්පගෙන කෑ ගහලා රනිල්ගේ රෙදි ගලවපු මේ ගුණවර්ධන උන්නැහේට අළුත් පට්ටමක් රනිල් දීලා තියෙනවා. මොකක්ද අම්මපා ඒ පට්ටම.

ඔව්, රනිල් වෙනුවෙන්, රනිල්‌ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් හදන සන්ධානයේ නායකත්වය දීලා තියෙන්නේ මේ ගුණවර්ධන උන්නැහේට කියලයි ආරංචි. එතකොට මොකද වෙන්නේ? වෙන්නේ මෙච්චරයි. මෙච්චරම මෙච්චරයි. එදා රාජපක්ෂලා වෙනුවෙන් රනිල්ව පට්ට ගහපු කටින් අද රනිල් වෙනුවෙන් රාජපක්ෂලාව හරි වෙන අයව හරි පට්ට ගහන්න හිතහදාගන්න වෙනවා අපේ කතානායකයාට.

දේශපාලනයේ සදාකාලික හතුරොත් නැහැ, සදාකාලික මිතුරොත් නැහැ කියලා අපිට කොලේවහන්න බැහැ රජෝ. මේක ඩිජිටල් යුගය. කියන කරන හැමදෙයක්ම තැම්පත් වෙලා තියෙනවා.

තමන්ගේ ආත්ම ගරුත්වය තියෙන්නේ තමන් අතේමයි කියලා හොදට මතක තියාගන්න එක කාට කාටත් වටිනවා. බලය කියන්නේ සදාකාලික පැවැත්මක් නෙමෙයි නොවැ. අපිට ඉතිං තමුන්ලට ටියුෂන් දෙන්න බැහැනොවැ. තමුන්ලා මුළු කොදෙව්වටම දීලා තියෙන ටියුෂන් මදි නැහැ නොවැ….

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *