Latestදේශීය

ලාල් කාන්ත අත්අඩංගුවට ගන්න

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා  පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කලේ යැයි ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා ඒ මත ඔහු අත්අඩංගුවට ගත හැකි බවයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මෙසේ ද අදහස් පළ කළේය.

අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි. රට තවමත් ගිනි ගන්නවා.

ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා.

අද බංගලාදේශය අරාජිකවී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා. එවැනි තත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා.

අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා.

අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *