Latestදේශීය

රෝහිතගේ තීරණය රාජිතගේ ද තීරණය වෙයි

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හෙට පෙරවරුවේ ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා ආණ්ඩු පාර්ශවයට එක්වීමට නියමිතව තිබේ.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඒ සදහා මේ වන විටත් කටයුතු සංවිධානය කරමින් ඇති බව වාර්තා වෙයි.

මන්ත‍්‍රීවරයා කළුතර දිස්ත්‍රික්කයේ තම ආධාරකරුවන් කැඳවා මේ පිළිබඳව අදහස් විමසීමක් කර ඇති අතර එහිදී පාක්ෂිකයන් පවසා ඇත්තේ ද ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු බවයි.

ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ගොඩනැගු ආකාරයද මන්ත්‍රීවරයා විසින් කරුණු පැහැදිලි කර ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *