Latestදේශීය

සල්ලි ඉල්ලා රනිල්ට කරදර කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක් වූ මන්ත‍්‍රී කණ්ඩායම මුදල් ඉල්ලමින් දැඩි බලපෑම් කරමින් ඇති බව වාර්තා වෙයි.

ඒ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවල යෙදීම සඳහා අවශ්‍ය වියදම් යැයි කියමිනි.

ඔවුන් ජනාධිපති මන්දිරයේත්, ජනාධිපති ලේකම් කාර්යාලය මෙන්ම මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලටද නිතර යමින් එම ඉල්ලීම් කරමින් සිටිති.

ඊට අමතරව ජනාධිපතිවරයාගේ මැතිවරණය මෙහෙයුම් කණ්ඩායම්වලටද දිගින් දිගටම මුදල් ඉල්ලීම් ඉල්ලා බලපෑම් කරමින් සිටිතැයිද සඳහන්ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඔවුන්ට මේ වන විටත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබාදී නැති අතර ඊට හේතු වී ඇත්තේ මෙම පිරිසේ අරමුණු වී ඇත්තේ ජනාධිපතිවරණයට මුදල් වියදම් කිරීම නොව ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකතු මුදල් එකතු කර ගැනීම බවට ඇති වී තිබෙන සැකයයි.

නමුත් මෙම පිරිස ලවා ජනාධිපතිවරණය මෙහෙයවා ගැනීමටත් අවශ්‍ය නිසා කිසියම් හෝ මුදල් ප්‍රමාණයක් ලබාදීමට තීරණය කර ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *