GossipsLatestදේශීය

ගෑස් උඩගියා අලියා මකාගෙන

ඔය සිරිකොත කියන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය තියෙනවා නේද? ආන්න ඒකෙ තමයි අපි කවුරුත් දන්න විදියට අලියාගේ දේශපාලන වාසස්ථානය. ඒ කියන්නේ අපි දන්නා මෑත ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂයේ හැම නිල කටයුත්තක්ම සිද්ධ වෙච්ච තැන.

කාටත් අමතක වෙන්න බැහැ, එක පාරක් රනිල් උන්නැහේට විරුද්ධව එක්සත් ජාතික පාක්ෂිකයෝ සිරිකොත මූලස්ථානය වටලන්න හදපු වෙලාවක රනිල්ගේ ගජ මිත්‍රයා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා පාර කාපට් කරන මුවාවෙන් රනිල්ව බේරගන්න සිරිකොත අවට ආරක්ෂාව තරකරපු ආකාරය. එහෙම තමයි බැරිම තැන්වලදී ඒ ඒ උදවිය තම තමන්ගේ යාළුවන්ව බේරගත්ත විදිය.  පස්සෙනේ ඒ පාක්ෂිකයෝ කඩාගෙන ගිහිල්ලනේ ටෙලිෆෝනයක් අරන් ආවේ.

ඒත් ඉතින් ටෙලිෆෝනයට අත නොතියපු ඔය එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නවා නේද? ආන්න ඒ අය හැමදාම හිටියේ අලියාව බදාගෙන. බන්දුල කියන විදියට කුල්ල කුජීතු වෙන්න පැරදුනත් රනිල්ව වගේම අලියව අතඅරින්න අකමැති පාක්ෂිකයා අපි අලියෝ තමයි…. අපි අලියාට අලියා අපිට…. කිය කිය මැරෙන්න උනත් බයනැතුව හිටපු උජාරුව අම්මපා……….. ඒවනම් ජාතික පරමාදර්ශ………… නෑ කියනවා ද?

හරි. දැන් ඔය එක්සත් ජාතික පක්ෂයට රනිල් කරපු හදිය තියෙනවා නේද? ඒ කියන්නේ රටට කරපු දේ අපිට කරපු දේ තමයි කියලා මහබැංකුව කඩපු සිද්ධියේ ඉදලා ඉන් එහාටත් මෙහාටත් දේශපාලනය කියවගෙන හරි නැතුව හරි රනිල්ට එක ආසනයක් වත් දිනාදෙන්න අකමැති වුණු ජනතාවක් හදපු රනිල්. ඔව් අන්තිමට පොල්මල පොලේ ගැහුවා වගේ පාක්ෂිකයන්ව සී සී කඩ කරපු රනිල් එක්සත් ජාතික පක්ෂයට කරපු හදිය සුළුපටු නැහැ නොවැ.

ඉතින් එතනින් නතර නොවුනු රනිල් මෙන්න පක්ෂ කාර්යාලයේ අනන්‍යතාවය නැත්තටම නැති කරලා. පිටකෝට්ටේ මහා උජාරුවට පේන්න තිබුණු එක්සත් ජාතික පක්ෂයේ, ඒ කියන්නේ අලියාගේ සංකේතය බිමටම සමතලා කරන්න රනිල් දෙපාරක් නොහිතා කටයුතු කරල කියන්නේ….

එක්සත් ජාතික පක්ෂයත් හරි, පක්ෂ මූලස්ථානය බවට පත්වුණු සිරිකොතත් හරි එදා මෙදා තුර අලියාගේ ලකුණ නැතුව ඒ වෙනුවට වෙනත් ඡන්ද ලකුණක් උඩට උස්සපු පළමු අවස්ථාව මේක නොවැ… ඉතින් ඉස්සරහට තව මොනවා නම් උස්සන්න බැරිද……  නේද?

අනේ අම්මපා වෙලාවකට අපිටත් හිතෙන මල විකාර…………….

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *