Latestදේශීය

බඩී අපේක්ෂකයින්ට වැඩ වරදින ලකුණු

තම ආදායම් සහ වියදම් වාර්තා දින 21ක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නොවන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී වරදකරු වුවහොත් වසර තුනකට ඡන්දය ලියාපදිංචි කිරීමත් තරඟ කිරීමේ අයිතියත් අවලංගු වන බවත් සාධාරණ මැතිවරණයක් සඳහා වූ පැෆරල් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය මේ බව සඳහන් කළේ ඊයේ (19) කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ ‍හෙට්ටි ආරච්චි වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බොහෝ සෙසු අපේක්ෂකයින් වෙනත් පටු අරමුණු මූලික කරගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පැහැදිලි වන බවත් මෙලෙස ඉදිරිපත් වන බොහෝ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය උදෙසා ඉදිරිපත් වන යටි අරමුණක් සහිත නාමික අපේක්ෂකයින් බවත්ය.

ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා යම්කිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නම් ඔහු ජනාධිපති අපේක්ෂකයෙකුගේ හැසිරීම පිළිබිඹු කළ යුතු අතර එසේ නොවන්නේනම් ඊට එරෙහිව නෛතිකව කටයුතු කරන බවද ඔහු අවධාරණය කරයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම ‍මෙවර ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන නීතියක් වන තම ආදායම් සහ වියදම් වාර්තා දින 21ක් ඇතුලත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ නොවන අපේක්ෂකයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී වරදකරු වුවහොත් වසර තුනකට ඡන්දය ලියාපදිංචි කිරීමත් තරඟ කිරීමේ අයිතියත් අවලංගු වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ ‍හෙට්ටි ආරච්චි වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *