Latestදේශීය

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මොකද වුණේ?

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කර තේරී පත් වූ මන්ත්‍රීවරු තිදෙනෙකු මේ වනවිට විශේෂ ප්‍රකාශ කරමින් ඉල්ලා අස් විය.

මුලින් ම පාඨලි චම්පික රණවක 2022 ජූනි මස විශේෂ ප්‍රකාශයක් කර සමගි ජන බලවේගයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු බවට පත්විය. ඉන් පසුව මෙම වසරේ ජනවාරි 09 වෙනි දින බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ එම පක්ෂයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්විය.

තුන්වැන්නිය ලෙස ඊයේ (21) තලතා අතුකෝරාල ඉල්ලා අස්වෙමින් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් දැඩි ප්‍රහාරාත්මක විවේචනයක් එල්ල කරනු ලැබීය. මෙයට පෙර ඉවත් වූ දෙදෙනා ම එවැනි දැඩි විවේචනයක් හෝ ප්‍රහාරයක් එල්ල කර නොතිබිණි. මෙයට අමතරව, මන්ත්‍රීවරු තිදෙනෙකුගේ ධුර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් අහෝසි කිරීම ද විශේෂත්වයකි. ඩයනා ගමගේ, මනූෂ නානයක්කාර සහ හරීන් ප්‍රනාන්දු එලෙස මන්ත්‍රී ධුර අහෝසි වූ තිදෙනා ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *