Latestදේශීය

සහෘද කලාකරුවනි, පාලකයින් පත්කරගන්නා මිනුම්දණ්ඩ කුමක්දැයි මට කියන්න – නදී කම්මැල්ලවීර

මේ ගෙවෙන්නේ අපේ රටේ අතීෂ්‍යයින්ම තීරණාත්මකම සති කිහිපය බවත් රට වැටී තිබෙන අදුරු අගාධයෙන් ගොඩගැනීමට සැප්තැම්බර් 21 දින අවස්ථාව හිමිවන බවත් කලා ශිල්පිනී නදී කම්මැල්ලවීර පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම රටේ සියලු දෙනාගේම වගකීම බව ඇය වැඩිදුරටත් පවසනවා.

රට හමුවේ ඇති එකම විකල්පය, එකම විසදුම මාලිමාව බව පවසන ඇය රට විනාශ කළ මෙන්ම 18,19, 20 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්ට එකට අත ඔසවපු අය දැන් වෙන්වෙලා විවිධ පක්ෂවලින් ආවත් ඔවුන් සියල්ලන්ම සිටින්නේ රට විනාශ කළ එකම කදවුරක බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය කලා කේෂේත්‍රයේ සියලු සහෝදර ශිල්පීන්ගෙන් ප්‍රශ්ණකර සිටියේ රට වැටී ඇති අගාධයෙන් ගැලවීමට ඇති විසදුම අනුර කුමාර දිසානායක නොවන්නේ නම් වෙනත් කවුරුන්ද යන්න හදවතට එකගව පැවසිය හැකි ද බවයි.

පාලකයින් තෝරන මිනුම්දණ්ඩ කුමක්දැයි කියා සියලු සහෝදර කලාකරුවන්ගෙන් ප්‍රශ්ණ කර සිටි ඇය රට බංකොලොත්භාවයට පත්කල අයගෙන් තවදුරටත් රටේ සංවර්ධනයක් අපේක්ෂා කළ හැකිදැයි ප්‍රශ්ණ කර සිටියා.

 ඇය මෙම අදහස් පලකළේ පසුගිය 20 වනදා පඬුවස්නුවරදී පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමිණි.

එම සම්පූර්ණ කතාව පහතින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *