Latestක්‍රීඩා

දිනේෂ් චන්දිමාල් රෝහල්ගත කරයි

පන්දු­වක් ඇඟිල්ලේ වැදී­මෙන් සිදු වූ ආබාධක් හේතු­වෙන් ශ්‍රී ලංකා කඩුලු රකින මැද පෙළ පිති­කරු දිනේෂ් චන්දි­මාල් ඊයේ රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කර තිබිණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනු­වෙන් පන්දු­වට පහර දෙමින් සිටි­යදී මාක් වුඩ් එවූ පන්දු­වක් දකුණු අතේ ඇඟි­ල්ලක වැදී­මෙන් චන්දි­මාල් මේ ආබා­ධ­යට ලක්විය.

ඒ සමඟ ඔහු පිටි­යෙන් ඉව­ත්වී­මට කට­යුතු කළ අතර, ඒ වන විට ඇඟිල්ල තර­මක් ඉදිමී තිබිණි. එම නිසා ඔහු වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සඳහා රෝහ­ල්ගත කළ අතර, කෙසේ වෙතත් වෛද්‍ය වාර්තා අනුව ඔහුගේ ආබා­ධය බර­ප­තළ නොවන බවත් අස්ථි බිඳී­මක් සිදුව නැති බැවින් අවශ්‍ය නම් යළි පිති­ක­ර­ණයේ නිරත වීමට හැකි බවත් වාර්තා විය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *