Latestදේශීය

ධීවර යාත්‍රාවක් සහ ඉන්දීය ජාතිකයින් 08 දෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව,  පසුගිය දා (26)  මන්නාරමට, උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. 

ඒ අනුව, ඊයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයේ වෙරළබඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහි දී, මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. 

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා (08) තලෙයිමන්නාරම වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.  

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා හතලිස් හයක් (46) සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතලිස් එක් දෙනෙකු (341) නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *