රුසියානු හෙලිකොප්ටරයක් අතුරුදන්
පුද්ගලයින් 22 දෙනෙකු රැගත් රුසියානු හෙලිකොප්ටරයක් අතුරුදන් වී ඇත.
Kamchatka අර්ධද්වීපයේ ගිනි කන්දක් අසලදී මෙම හෙලිකොප්ටර් යානය අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම Mi-8T හෙලිකොප්ටරය අතුරුදහන් වීමට පෙර එහි මගීන් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිට ඇති බව සඳහන් වේ.
Kamchatka ප්‍රදේශයේ ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් ප්‍රකාශ කළේ හෙලිකොප්ටරය සෙවීම සඳහා ගොඩබිම් ගලවා ගැනීමේ කණ්ඩායමක් ද යොදවා ඇති අතර, යානය පියාසර කිරීමට තිබූ බයිස්ට්‍රායා ගංගා නිම්නය දිගේ සෝදිසි මෙහෙයුමක් සිදු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

