ඩෙංගු අවධානම ඉහළට
දිවයිනේ දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවධානම් කලාප වශයෙන් නම් කර තිබේ.
වත්මන් කාලගුණික තත්වය හේතුකර ගනිමින් දෙසැම්බර් මාසය පමණ වන විට මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
මේ අතර ගතවූ කාලය තුල ඩෙංගු රෝගීන් 36,642 ක් මෙරටින් වාර්තා වී ඇති බව ද ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරයි.
වාර්තා වූ රෝගීන්ගෙන් පුද්ගලයන් 17ක් දෙනෙක් මිය ගොස් ඇති බව එම ඒකකය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

