Latestදේශීය

මත්පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

බදුල්ල වේවැස්සේ ගම ප්‍රදේශයේ දි මත්පෙති 345 ක් සමග සැකකරුවෙකු ඊයේ (03) පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වියේ පසුවන වේවැස්සේගම බදුල්ල ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් කොළඹ සිට මත්පෙති රැගෙන පැමිණෙන බවට විෂ මත්ද්‍රව්‍ය ඒකකය වෙත ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර තිබිණි.

එහිදි සැකකරු විසින් එක් මත් පෙත්තක් රුපියල් 250 බැගින් මත්පෙති දෙකක් එම උපාය දූතයාහට විකුණන අවස්ථාවේ දි අත්අඩංගුවට ගෙන සිදුකල පරික්ෂාවේදි ඔහු සන්තකයේ තිබි තවත් පෙති තුන්සිය හතලිස් තුනක් හමුවු බවද පොලිසිය පැවසීය.

සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *