Latestදේශීය

රනිල් සජිත් එකතු කරන්න උද්ඝෝෂණ

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමිනි.

එම අදහස දරන පක්ෂ දෙකේම පිරිස් විසින් මෙම විරෝධතා සංවිධානය කරනු ඇතැයි වාර්තා වෙයි.

මෙරට විශාලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර පක්ෂ දෙකක් ලෙස පක්ෂයේ නායකයන් දෙදෙනෙකු තරඟ කිරීමෙන් තෙවන පාර්ශ්වයකට වාසිය යා හැකි බවට පක්‍ෂ දෙකේ නායකයන් දෙපළ වෙතම මොවුන් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් එම කාර්යයට බලපෑමක් කිරීමක් ලෙස මෙම විරෝධතාවයන් සංවිධානය කරමින් තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *