Latestදේශීය

පාස්පෝට් පෝලිමට විසඳුම මේ මස 15 ලබා දෙනවා

ලබන මස 15 වැනිදා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇනවුම් කර තිබේ.

ලබන මස 15 වැනිදා වනවිට එහි පළමු තොගය මෙරටට ලැබීමට නියමිතයි.

එම තොගය ව්දෙස් ගමන් බලපත්‍ර 50000කින් සමන්විත වෙයි.

එම තොගය ලැබීමත් සමග විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ලැබෙනු ඇතිබව පැවසීය.

එතෙක් දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම දහසකට සීමා කර ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *