Latestදේශීය

මැතිවරණ නීති කැඩූ 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යට කරුණු දක්වමින් ඔහු පැවසුවේ එම කාලය තුළ වාහන 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බවයි.

“මැතිවරණයට අදාළව පැමිණිලි 173ක් වාර්තා වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවට. එම පැමිණිලි අපි වර්ග කරනවා අපරාධමය ස්වභාවයේ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පැමිණිලි කියලා. මැතිවරණ නීති උල්ලංගනය කිරීම්වලට අදාළය පැමිණිලි 119ක් අපරාධමය ස්වභාවයේ පැමිණිලි 54ක් විදියට මේ 173 වර්ග කරලා තියෙනවා. විශේෂයෙන්ම පහරදීම් අනර්ථය සිදුකිරීම් ගිනි තබා යම් කිසි ආකාරයකට විනාශ කිරීම් වැනි දේවල් . මේ වන විට ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩගංවට අරගෙන තියෙනවා.”

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *