Latestවිදේශීය

ඉතාලි මුහුදේ යාත්‍රාවක් ගිලෙයි – 21ක් අතුරුදන්

ඉතාලියට අයත් ලැම්පෙඩුසා දූපත ආසන්න මුහුදේදී සිරියානු ජාතික අනවසර සංක්‍රමණිකයන් 28 දෙනකු රැගත් යාත්‍රාවක් අනතුරට ලක්විමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්වී ඇතැයි ඉතාලි වෙරළාරක්ෂක බළකාය නිවේදනය කර තිබේ. අබලන් තත්ත්වයේ පැවැති එම යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු පුද්ගලයන් 7 දෙනකු බේරා ගැනීමට හැකි වූ බවත් ඉතාලි වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

අතුරුදන්වූ පුද්ගලයන් අතර කුඩා දරුවන් තිදෙනකු ද සිටින බව දිවි බේරාගත් පුද්ගලයන් ලබා දුන් තොරතුරුවලින් හෙළි වූ බවද වාර්තා වේ.

එම යාත්‍රාව ලිබියාවේ සිට ගමන් අරඹා ඇති අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුද රළුවීමෙන් යාත්‍රාව අනතුරට ලක්වන්නට ඇතැයි වෙරළාරක්ෂක බළකාය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. අතුරුදන්වූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *