Latestදේශීය

ඒ අනුර ජාතිවාදී හැඟීමකින් කළ ප්‍රකාශයක් නෙමෙයි – එම් ඒ සුමන්තිරන්

උතුරේ දී කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් පෙනී සිටින  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්  අනුර විසින් ජාතිවාදී හැඟීම් ඇති වචන ප්‍රකාශ කළේ යැයි තමන් කිසිවිටෙක නොසිතන බව පවසා ඇත.

“අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දකුණේ ජනතාව වෙනසක් අපේක්ෂා කරන බවත් තමාගේ ඡන්දයෙන් ඒ වෙනස පැමිණෙන බවත්ය. එහෙත් උතුරේ ජනතාව එම වෙනසේ කොටස්කරුවන් වී නැතැයි දකුණේ ජනතාව ප්‍රකාශ කළ හැකියි. මේ වචන පාවිච්චි කරලා කිව්ව ගමන්ම ගොඩක් අයට මතක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ එයාගේ දිවුරුම් දීමේ උත්සවයේදී ‘මට ඕන හැමෝම මගේ ජයග්‍රහණයේ කොටස්කාරයෝ වෙන්න ඕනේ කියලා මේ ජයග්‍රහණයට මාත් එක්ක එකතු වෙන්න කියලා”.

අනුර දිසානායක විසින් ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් එම ප්‍රකාශය කළ බව තමා කිසිවිටක නොසිතන බවත් මේ රටේ ජාතිවාදය තුරන් කිරීමට ඔහු විශාල සැලකිල්ලක් දැක්වූ බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසයි.

“මම හිතන්නේ අනුර කුමාර සහෝදරයා මේ වචන කිව්වේ ජාතිවාදී හැඟීම් ප්‍රකාශ කිරීමේ අරමුණින් නෙවෙයි. මමත් ඔහුව හොඳට දන්නවා. එතුමා එහෙම කෙනෙක් නෙවෙයි. මේ රටේ ජාතිවාදය නැති කරන්න ලොකු සැලකිල්ලක් දැක්වුවා. අපිට කියලා වෙනසක් නැහැ. ” ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක සමඟ රටේ පවතින දුර්මත හා දූෂණය පිටුදැකීමට එක්වන බවද සුමන්තිරන්  පවසයි. 

“ඔහුට ඒකට අපිව එක් කර ගන්න පුළුවන්. අවුරුදු 70කට වැඩි කාලයක් ජනතාව උද්ඝෝෂණ කරන පාලන ව්‍යුහය තුළ අපිත් ඔහුව ගණන් ගන්නවා,” ඔහු පැවසීය.

මේ අතර  උතුරේ ප්‍රකාශයට පත්කෙරෙන ප්‍රධාන පුවත්පතක් වන උදයන් පුවත්පත අනුර කුමාර දිසානායකගේ කතාවට විශේෂ එකඟතාවක් සහිතව ප්‍රතිචාර දක්වා තිබුණි.

WhatsApp Image 2024 09 08 at 19.30.15

 උදයන් පුවත්පත

@slleader.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *