Latestදේශීය

සජිත් ජනාධිපති උනොත් අගමැති කිරිඇල්ල

ඉදිරි ජනාධිපතිවරයන් ජයගෙන සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉඟි පළ කරයි.

මහනුවරදී පවත්වන ලද සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

රණසිංහ ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයා බවට පත් වූ පසු කන්ද උඩරටින් අගමැතිවරයෙකු පත් කළ ආකාරයටම සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරනු ඇති බවටත් ඔහු එහිදී කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩිම වැඩ කොටසක් කරමින් සිටින්නේ සභා නායකවරයා වශයෙන් කිරිඇල්ල මහතා බවට ද ඔහු තවදුරටත් එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම්බණ්ඩාර මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක අග්‍රාමාත්‍ය දුරයට පත්වනු ඇති බවට මොණරාගල දිස්ත්‍රික්කයේ ඉහළ කතා බහක ඇති වී තිබේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *