Latestදේශීය

හරිනි තිස්සගෙන් කෝටි 100ක වන්දියක් ඉල්ලයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය දළදා පෙරහර සම්බන්ධයෙන් සිදු කළා යැයි කියන ව්‍යාජ ප්‍රකාශක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට සිදු වූ අපහාසයට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය කොළඹ දිසා අධිකරණයේ ඊයේ (11) නඩුවක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ එම ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශය හේතූවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩ නඟාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වු බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් ත්‍රීව්ර වූ බවද සඳහන් කරන්නීය.

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමඟි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.

නීතීඥ ශානිකා සිල්වා මඟින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය, වගඋත්තරකාර තිස්ස අත්තනායක මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18 වැනිදා පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහැර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.

මීට පෙරද එනම් 2015 ජනාධිපතිවරණයේදීද කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *