Latestදේශීය

නූතන දුටුගැමුණුට මයිනා කියන හිඟන ජාතියක් අපි – තිස්ස කුට්ටිආරච්චි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකර ඇති අලුත්ම සමීක්ෂණ අනුව නාමල් රාජපක්ෂ මහතා අංක එකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

තවමත් සියයට හතළිහක් ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කර නැහැ. ඡන්දය දෙන්නේ කාටද කියා බොහෝ අය කතා කරන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රෙමදාස මහතාට ලක්ෂ 27ක් ඡන්දය තිබුණා. එතුමාට අපිට යම්කිසි ප්‍රමාණයක් ඡන්ද මේ වනවිට එකතුවෙලා ඇති. අනුර කුමාරට තිබෙන ඡන්ද ප්‍රමාණය කොතරම්ද. ඔවුන් මේ රටට කලදේ අපි දන්නවා. දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති යුද්ධය අවසන් කරන්න බොහෝ නායකයෝ උත්සාහ ගත්තා. නමුත් ඒක කරන්න ඔවුන්ට බැරිවුනා. එහෙම තිබුනු යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතාට පුලුවන්කම ලැබුණා.

එදා දුටුගැමුණුට මල් තියෙන සහ නූතන දුටුගැමුණුට මයිනා කියා චෝදනා කරනවා හිගන ජාතියක් අපි. මහින්ද රාජපක්ෂ මහතාට හොඳටම අවස්ථාව තිබුණත් කවදාවත් යුද්ධය වවාගෙන කෑවේ නැහැ. අද වනවිට ලැබෙන සමීක්ෂණවලට අනුව අනුර කුමාර දිසානායක හතරවැනි තැනට ඉන්නවා. දෙවැනි සහ තුන්වැනි ස්ථානවලට සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. එම සමීක්ෂණයට අනුව නාමල් රාජපක්ෂ අංක එකට පැමිණ සිටිනවා. මෙවර ඡන්දය ලබාදීමේ දී බුද්ධිමත්ව කටයුතු කරන්න කියා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.’

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *