Latestක්‍රීඩා

නවසීලන්ත පළමු ඉනිම අවසන් වෙයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (20) ගාල්ලේ ආරම්භ විය.

අද තරගය ආරම්භ කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියද ඉනිමට තවත් ලකුණු 85ක් ලබා ගනිද්දී ඉතිරි කඩුලු 06 දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

ඒ අනුව නවසීලන්ත ඉනිම ලකුණු 340කට සීමා කරගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවිය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 70ක්, කේන් විලියම්සන් ලකුණු 55ක් හා ඩැරිල් මිචෙල් ලකුණු 57ක් රැස්කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ ප්‍රබාත් ජයසූරිය ලකුණු 136කට කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *